ටිම් සවුති ජාත්‍යන්තර කඩුලු 500 පසු කරයි.
මේ ටෙස්ට් තරගයේ ලංකා ප්‍රථම ඉනිමේදී කඩුලු හතරක්ම දවාලු සවුදි සිය 249 වන ටෙස්ට් කඩුල්ල ද දවාලූවේ ඔහුගේ සහය පන්දු යවන සගයා වන ට්‍රෙන්ට් බෝල්ට් ලැබූ කඩුලු 250 සීමාවට කඩුල්ලක් පිටුපස සිටිමිනි. ටිම් සවුති එක්දින කඩුලු 186ක්ද , 20-20 තරගාවලියන්හි කඩුලු 67ක්ද ලබා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කඩුලු 500ක කඩඉම ඉක්මවා සිටී.
මෙවර සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දින තරගයෙන් පසුව ටිම් සවුති ප්‍රකාශ කළේ තමාට ජාත්‍යන්තර ක්‍රිකට් කඩුලු පන්සීයයේ කඩඉම ඉක්මවීමටත් ටෙස්ට් කඩුලු 250 සීමාවට (249) පැමිණීමටත් අනෙක් කෙළවරෙන් පන්දු යවන බෝල්ට්ගෙන් ලැබුණු සහාය විශාල පිටු වහලක් වූ බවය. බෝල්ට් සමග එක්ව පන්දු යැවීම හරිම පහසුයි. ඔහුගෙන් නිතරම උපදෙස් හා ධෛර්යය ලබාදීම මට ඉදිරියට යාමට රුකුළක් වුවා යැයි සවුදි පවසයි. තමා සහ බෝල්ට් දකුණතින් සහ වමතින් වේගපන්දු යවමින් සෙසු කණ්ඩායම් පිතිකරුවන් අසීරුතාවකට පත් කිරීමෙන් නවසීලන්ත කණ්ඩායමට වාසියක් අත්වන බවද සවුදි කියයි.
දෙවන ටෙස්ට් තරගය පිළිබදව අනාවැකියක්ද පළකරන ටිම් සවුති අවසාන දින දෙකේදීම වර්ෂාවෙන් බාධාවක් නොවුනහොත් තම කණ්ඩායමට මේ තරගයෙන් ජය ගැනීමටද අවස්ථාවක් ඇතැයි කීය. ටොම් ලෙතම් සහ බී.වොට්ලින් අඩුවේග තණතිලිවල පමණත් නොව දකුණු ආසියා කලාපයේ ඕනෑම දේශගුණයක හොදම දගපන්දු යවන්නන්ට මුහුණදිය හැකි දක්ෂයන් යැයිද ඔහු කීවේය.
30 හැවිරිදි ටිම් සවුදිගේ දක්ෂතාව වනුයේ දකුණතින් පන්දු යවමින් තම වේගය ආධාර කරගනිමින් අවුට් ස්වින්ගර් පන්දු යවමින් පිතිකරු අසීරුතාවයට පත්කිරීමයි. 2008 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට තේරී එම වසරේම නවසීලන්ත කණ්ඩායමද නියෝජනය කරමින් හේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියේය. අලුත් පන්දුවෙන් මෙන්ම පරණ දිස්නය ඉවත්වු පන්දුවෙන්ද දක්ෂ ලෙස පන්දු යැවීමට ඔහු සමත්ය.
1988 දෙසැම්බර් 11 වැනිදා උපත ලද ටිම් සවුති ටෙස්ට් තරග 67කදී කඩුලු 249ක්ද එක්දින තරග 140කදි කඩුලු 186ක්ද 20-20 තරග 58කදි කඩුලු 67ක්ද ලබාසිටී.
ටෙස්ට් ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 64කට කඩුලු 7ක් වන අතර ටෙස්ට් තරගයක හොදම පන්දු යැවීම ලකුණු 108කට කඩුලු දහයකි. කඩුලු පහ බැගින් අටවරක් ද දහය බැගින් වරක්ද ලබාසිටී.
දකුණු ආසියානු කලාපයේ තණතිලිවල විශේෂයෙන්ම දක්ෂ ලෙස පන්දු යැවීමට මොහු සමත්ය. 2011 ඉන්දියා , ශ්‍රී ලංකා හා පාකිස්තානයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ මොහු කඩුලු 17ක් ලබාගත්තේ 17.33ක සාමාන්‍යයකිනි. IPL තරගාවලිටද ටිම් සවුති කිහිපවරක්ම නියෝජනය කර ඇත.
______________________________________________
Created by Samod Jayakody
Powered by MO GEEK
Citation is strictly forbidden
[උපුටා ගැනීම සපුරා තහනම්]
Comments
Post a Comment