ලංකාවේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්ගේ නමින් දොරටුවක්.
1965 වසරේ සිට 1979 දක්වා වසර 14ක් ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති අනුර තෙන්නකෝන් 1975 සහ 1979 එංගලන්තයේ පැවැති ප්‍රථම හා දෙවන ලෝක කුසලාන (පෘඩෙන්ෂල් කප්) තරගාවලියන් දෙකේදීම ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. ඔහු 2000 වසරේ සිට 2003 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ලෙසද සේවය කළේය.
1962 සිට 1966 දක්වා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අනුර තෙන්නකෝන් අවසාන වසරේ එහි නායකත්වයද දැරීය. ඔහු ලංකා කණ්ඩායම නියෝජනය කළේ 18 හැවිරිදි පාසල් සිසුවෙකුව සිටියදීමය. අනුර උපත ලැබුවේ 1946 ඔක්තෝම්බර් මස 29 වැනිදා අනුරාධපුර මහරෝහලේදීය. අනුරගේ පියා එවක අනුරාධපුර ප්‍රධාන ආදායම් පාලක නිලධාරියාය. (ඩී.ආර්.ඕ) ඔහු 1958 – 59 වසරේ විශ්‍රාම ලැබුවේ කොළඹ මහ දිසාපති ලෙසිනි.
එක්දහස් නවසිය හැට හා හැත්තෑව දශකයන්හි ලංකාවෙන් බිහිවු අග්‍රඝණයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුවු අනුර තෙන්නකෝන් තාක්ෂණයෙන් පිරිපුන් දකුණත් පිතිකරුවෙකි. වමතින් පා දගපන්දු යැවීය. පළමු ශ්‍රේණියේ (ශ්‍රී ලංකාවට ටෙස්ට් ලැබීමට පෙර) තරග 61කදී ලකුණු 3481 ක් (කිල නොවන ටෙස්ට්) ලබා ඇත්තේ ඉනිමක සාමාන්‍ය ලකුණු 36.3ක් ලබමිනි.අනුර 1974දී විවාහවූයේ බ්‍රිගේඩියර් ඩග්ලස් රාමනායකගේ දියණිය නෙලුන් සමගය.
එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ මාධ්‍යකුටිය අසළ ප්‍රවේශ දොරටුව 2019 නොවැම්බර් 1 සිට අනුර තෙන්නකෝන් ප්‍රවේශය නමින් විවෘත කෙරුනි. ඕස්ට්‍රේලියාව එංගලන්තය හා කොදෙව් දූපත් හි ප්‍රධාන ක්‍රීඩාංගණයන්හි දොරටුද මෙලෙස එම රටවලින් බිහිවු විශිෂ්ට ක්‍රීඩකයන්ගේ නම් වලින් හදුන්වා ඇත. නොවැම්බර් 1 වැනිදා පැවැත්වුනු අනුර තෙන්නකෝන් ප්‍රවේශ දොරටු විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරීන් එස්.එස්.සී සමාජයේ ප්‍රධානීන් හා අනුර තෙන්නකෝන්ගේ සමකාලීන ක්‍රීඩකයන්ද නෑදැහිතමිතුරන් ද සහභාගී වී සිටියහ.
______________________________________________
Created by Samod Jayakody
Powered by MO GEEK
Citation is strictly forbidden
[උපුටා ගැනීම සපුරා තහනම්]
Comments
Post a Comment