පාකිස්තාන t20 සංචාරය 3-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය.

පාකිස්තාන t20 සංචාරය 3-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමඟ පැවති ටීටුවෙන්ටි තරගාවලියේ 3-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට පුලුවන් වුනා.

ශ්‍රී ලංකාවේ පිතිකරනය.
Oshada Fernando 78*
Anjalow Perera 13
Sadeera Samarawickrame 12
Dasun Shanaka 12

ශ්‍රී ලංකාවේ පන්දු යැවීම.
Wanindu Hasaranga 3-21
Lahiru Kumara 2-24
Kasun Rajitha 1-17
ශ්‍රී ලංකාව ලකුණු 13 කින් තරගයේ ජයග්‍රහණය කරා.(SL won by 13 runs)

ඉතින් කියන්න ඕනේ පාකිස්තානය කියන්නේ t20 ශ්‍රේණිගත කිරීම්වල පලවෙනි ස්ථානය ගන්න කණ්ඩායමක්. ඉතිං ඒ කණ්ඩායම දන ගස්සන්න පුළුවන් උන් ඒක ගැන අපිට ගොඩක් සතුටුයි. මොනවා වුනත් ඒ වගේ අංක එකේ ටීම් එකක් 3-0ක් විදිහට ඒ රටේදීම දණ ගස්සන්න පුළුවන් උන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් අපි දැන් බලාපොරොත්තු තියන්න ඕනේ මේ ටීම් එක ගැන මොකද පරණ ක්‍රීඩකයන් ලැබෙන දේට වඩා ලොකු දෙයක් අපිට මේ ලාබාල ක්‍රිඩකයන්ගෙන් ලැබුණා. 

නමුත් මේ ටීම් එකට දික්වැල්ල අවශ්‍යම වෙනවා. ඒවගේම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අපේ හොඳම දඟපන්දු යවන්නා අකිල ධනංජයට අවුරුද්දක තරග තහනමක් දුන්නා. නමුත් ගොඩක් ක්‍රිකට් විස්තර විචාරකයෝ කියන විදියට ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව වැරදි නෑ කියලා. මොකද සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නෙක් අත නැමෙන්න පුලුවන් උපරිම කෝණය අංශක 15ක්. ඉතින් ධනංජයගේ අංශක 15කට අඩු වෙනවා කියලා ගොඩක් ක්‍රිකට් විස්තර විචාර කියන්නේ. මොනවා උනත් දැන් අකිලට අවුරුද්දක තරග තහනමක් ලබාදීලා තියෙනවා ඉතින් ඔහු නැති උනත් නැවත ඔහු පැමිනෙන තෙක් දඟ පන්දුවෙන් වැඩ දාන්න අපිට වනිඳු හසරංග ටීම් එකේ ඉන්න එක ගොඩාක් ලොකු හයියක්. ඉතිං ධනංජය නැවත පැමිණි විට ලංකා ටිකේ හොඳම දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඉන්නවා.



 ඉතින් අපි හිතනවා තව ඉදිරියේදී මේ ටීම් එක ලෝකෙ අංක එකේ ටීම් එක බවට පත්වෙයි කියලා. මොකද 1996 ට කලින් ශ්‍රී ලංකා ටීම් එක එතරම් ඉහලට පැමිණියේ නැහැ. 1996දී තමා ලෝකෙ ගොඩක් දෙනා දැන ගත්තේ ශ්‍රී ලංකා ටීම් එක ගැන. එදා ඉදන් 2010 ,2011 වෙනකන් ශ්‍රී ලංකා ටීම් එක ලෝකයේ අංක එකේ තැන තියාගෙන හිටියා. නැවත ශ්‍රී ලංකා ටීම් එක වැටෙන්න පටන් ගත්තා. ඉතින් මම හිතනවා මේ තමයි කාලෙ , ශ්‍රී ලංකා ටීම් එක නැවතත් 1996 වගේ ලෝකෙ අංක එකට යන අඩිතාලම තිබ්බේ පාකිස්ථානයේ දී පැවැති පාකිස්තානයට එරෙහිව t20 තරගය 3-0ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින්.

Comments