වැටුණු ශ්‍රී ලංකා ටීම් එක නැවත නැගිටියි

වැටුණු ශ්‍රී ලංකා ටීම් එක නැවත නැගිටියි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගත්තොත් ගොඩක් දෙනා හිතන් ඉන්නේ 1996 world cup එකට ගහපු cricket team එකට වඩා ;ඒ කියන්නේ 2010,2011 වෙනකම් තිබ්බ ලංකාවේ ටීම් එකේ තත්වය දැන් ඒ තත්වෙ නෑ ඊට වඩා පල්ලෙහ තියෙන්නෙ කියලා.

ශ්‍රී ලංකා ටීම් එකේ නැගිටීම

 ඒ වුණත් පාකිස්ථානයේ දෙවෙනි t20 මැච් එකේදී අපිට තේරුණා ශ්‍රී ලංකාවේ හොඳ playersලා ඉන්නවා කියලා. භානුක රාජපක්ෂ ඇයි team එකට තෝරා ගත්තෙ නැත්තෙ? ගොඩක් දෙනා කියන්නේ ආපහු ජයසූරිය ඇවිල්ල කියලා. මොකද ජයසූරියගේ පිතිකරනය හා භානුක රාජපක්ෂගේ පිතිකරණය එක හා සමානයි. ඉතින් දැනට අපි ළඟ ඉන්න ධනුෂ්ක ගුණතිලක ,නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයන් තව තවත් වර්ධනය කළ යුතුයි. ඒ වගේම ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග වගේ playersලා තවත් පුහුනු කල යුතුයි. 

ඒ වගේම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඒ වගේම සඳකැන් තවත් ඉදිරියට ආ යුතුයි. මාලින්ග හා කුලේ නැති අඩුව පුරවන්න නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන වගේ ක්‍රීඩකයන් ඉන්න එක ලංකාවෙන් ටීම් එකට ගොඩක් ලොකු හයියක්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ ගොඩක් දෙනෙක් කියන විදිහට ලෙජන්ට් පරපුරේ අන්තිමයා උපුල් තරංග. නමුත් මේ වන කොට ඔහුගේ දක්ෂතාව ගිලිහෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔහු ජයසූරිය, අරවින්ද, සංගක්කාර, මහේල, යන විශිෂ්ට ක්‍රිකට් පොතේ පිටු අතරට එක්වෙයි ඒ වගේම ජයසූරිය, දිල්ෂාන්, තරංග, සංගක්කාර, මහේලගේ අඩුව පුරවන්න දැන් ඉන්න ටීම් එකේ ක්‍රීඩකයන් වන දික්වැල්ල, ගුණතිලක, රාජපක්ෂ, අවිෂ්ක, මෙන්ඩිස්, පෙරේරා යන ක්‍රීඩකයන්ට හැකිවෙයි කියලා හිතනවා. කවුරු කොහොම කිව්වත් ටීම් එකේ සාමාජිකයන් තෝරන්නෙ තේරුම් කමිටුවන්. එයාලගේ හිත් වෙනස් කරන්න අපිට බැහැ. 


ඒ වගේම එයාලා අපිට වැඩියෙ යමක් කමක් දන්නවා. ඉතිං තේරුම් කමිටුවේ තේරීම තමයි අපි පිළිගත යුතු. ඒ වගේම අපට ලැබුණු තවත් පුවතක් තමයි ඕස්ට්‍රේලියා t20 සංචාරයේ නායකත්වය මාලිංගට කියලා තේරුම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා පැවසූවා. පාකිස්තාන සංචාරය අතහැරපු ක්රීඩකයන් දහදෙනෙකුගෙන් තුන් දෙනෙකු ,හතර දෙනෙකු පමණක් ඕස්ට්‍රේලියාවේ සංචාරයට තෝරාගන්න බව අසන්ත ද මෙල් මහතා තවදුරටත් පැවසුවා. තවත් දෙයක් තමයි පාකිස්තාන සංචාරයේදී අපි දැක්ක විශේෂ දෙයක් ක්‍රීඩකයන්ගේ පිතිකරණය ට වඩා අපිට ගොඩක් වැදගත් දෙයක් වුණේ පන්දු රැකීම පැත්තෙන්. ඉතින් මීට කලින් තිබ්බ තරග වලට වඩා ලොකු වෙනසක් දැක්කා පන්දු රැකීම පැත්තෙන් අපේ අලුත් ක්‍රීඩකයන්ගේ ඒ හැකියාව එක දිගටම තියාගන්න එක ක්‍රීඩකයන්ගේ වගකීමක්.




කෙසේ වුවත් t20 ශ්රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය සිටිනවා. ඒ වගේම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ලංකාව හය වන ස්ථානයට සිටිනවා
ඒ වගේම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි වල ශ්‍රේණිගත කිරීම් වල ලංකාව 8 වෙනි ස්ථානය තබාගෙන සිටිනවා. ඉතින් මේ පටන් ගත්තේ ශ්‍රී ලංකා ටීම් එකේ නැගිටීම කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ හැමදේම රැදිලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ක්‍රීඩකයන්ගේ අතේ. ඉතින් එක රැකගන්න එක srilanka cricket team එකේ සාමාජිකයන්ට පැවරෙනවා.

Comments